ෆේස් බුක් Friend Request බ්ලොක් නොකර තියා ගමුද?


හැමෝම දන්නවනේ ඉතිං ගොඩාක් Request යැවුවම ෆේස් බුක් ලා අපිව බ්ලොක් කරනවානේ.
එහෙම වෙන්නේ ඇයි කියන්නත් හැමෝම දන්නවනේ නේද?
එහෙනම් එහෙම නොවී තියා ගන්න අපි කරන්න ඕන දේ මොකක්ද කියලා අපි කථා කරමු..
(ගොඩාක් අය දන්නවා ඇති ඉතිං අපිට ඕන නොදන්නා දෙන්නා තුන්දෙනා හරි දැනුවත් කරන්නනේ..)




1. අපි Request යවද්දී යවන්න ඕන හොඳට අඳුනන වැඩිපුර ෆේස් බුක් භාවිතා කරන අයටයි...
(මොකද නැත්නම් අඳුනන්නේ නැති අය අපිව ඇඩ් කර ගන්න එක ප්‍රතික්ෂේප කලොත්,එක ලකුණයි..ඔහොම ලකුණු ටිකක් ගත්ත ගමන් අපිට බුකියේ අයියලා බ්ලොක් කරනවා අපිව.අන්න ඒක නිසා ඒක හොඳට මතක තියා ගන්න ඕනා හරිද?)


2. අනික තමා අපි අඳුනන්නේ නැති කෙනෙක්ව ඇඩ් කරගන්නම ඕනනම් අපි එයාට මැසේජ් එකක් දාන්න ඕන..
එයා කැමතිනම් ඇඩ් කර ගයි..නැත්නම් නිකන් ඉඳියි..

දැන් කථා කරමු අපි එහෙම යවපු Request එකක් අපිට අයින් කරගන්න ක්‍රමය


මොකද කාලයක් යනකල් ඇඩ් කරගන්නේ නැත්නම් එයා F.B  එන්නේ නැතුවවත් වෙන්න පුළුවන්නේ නේද?
මොකටද ඉතිං ලකුණු දා ගන්නේ..

අපිට පුළුවන් අන්න ඒක අයින් කරගන්න..අන්න ඒකනම් ගොඩාක් අය දන්නේ නැතුව ඇති..

(දන්නා අයත් ඇති ඉතිං..කියන්නේ නොදන්නා අයට..)

අන්න ඒ වෙලාවට යන්න පහල තියෙන ලින්ක් එකට..






ඔන්න ඔය ෆොටෝ එක උඩ ක්ලික් කරන්නකෝ..
දැන් ඉතිං යවපු ඔක්කොම ඒවා පෙන්නනවා..ඔන්න ඔය පහල විදිහට




දැන් ඉතිං ඔය රතු පාටින් ලකුණු කරලා තියෙන තැන උඩට මවුස් පොයින්ටර් එක අරන් යන්න..

දැන් මෙන්න මෙහෙම පෙන්නයි..






දැන් ඉතිං Cancel Request කියලා තියෙන්නේ ඔය සිංහලෙන්ම..

ඔන්න එහෙනම් අදට ගියා ඈ......

Copyright © 2013 Hacking Zone