බලෙන් නම් කරමුද?



ඔන්න යාලුවනේ කාලෙකින් එන්න උනේ නෑ..
දන්නවනේ ඉතින් වැඩ වැඩ වැඩ ඉවරයක්‌ නෑ..
අදනම් ගෙනාවේ සුපිරි වැඩක්..
මේක සමහරුන්ට වැදගත් නොවෙන්න පුළුවන් තවත් අයට වැදගත් වෙන්න පුළුවන්.

වැදගත් අය කියවන්න අනිත් අයත් කියවන්න වැදගත් නැත්නම් වැදගත් වෙයි කියලා හිතෙන කෙනෙක්ට කියලා දෙන්න.

ඔයාලා දන්නවද අපේ කොම්පීතරේ අපිට ඕන ඕන දේවල් කරන්න පුළුවන් කියලා හිතන හිටියට ඔය යකා සමහර ඒවා කරන්න දෙන්නේ නෑ..
(වැරදි ඒවා නෙවෙයි)


එහෙම කරන්න බැරි එක දෙයක් කරන විදිහක් ගැන තමා කියන්නේ අද..

හැමෝම බලන්නකෝ


con, aux, lpt1, lpt2, lpt3, lpt4, lpt5, lpt6, lpt7, lpt8, lpt9.
ඔන්න ඔය නම් එකක් හරි දාලා ඔයාගේ කොම්පීතරේ කොහේ හරි ෆෝල්ඩරයක් හදන්න පුලුවන්ද කියලා.
(නොදන්නා උන්ට කියන්නේ.දන්න උන් මොකක් හරි වැරදි දෙයක් තියෙනවානම් පොඩ්ඩක් කියලා දෙන්ඩෝ...)

බෑ නේද???????????

එකනේ කියන්නේ..


කියන්නම්කො කරන හැටි

මුලින්ම

windows කී එකයි R කී එකයි ඔබන්න.

දැන් ඔන්න ඔහොම එකක් එනවනේ


ඔකේ Open කියන තැනට ඉස්සරහින් cmd කියලා ගහලා Command Prompt එක ඕපන් කර ගන්න





දැන් ආවනේ ඔන්න ඔහොම එකක්
දැන් අපි දෙන්න ඕන අපි ෆෝල්ඩර් එක හදන පාටිෂන් එක
ඒක දෙන්නේ මෙහෙමයි.අපි හිතමු අපි හදන්නේ D පාටිෂන් එකේ කියලා.
එහෙනම්
d: ඔන්න ඔහොම ගැහුවා Enter කළා

හැබැයි සිස්ටම් ෆයිල් තියෙන පාටිෂන් එකේනම් හදන්න බෑ..
(මටනම් බැරි උනා..පොඩ්ඩක් බලන්න පුලුවන්නම් කියන්න.)

දැන් දෙන්න ඕනා හදන folder එකේ නම ඒක දෙන්නේ මෙන්න මෙහෙම.

md con\ , md lpt1\ 


ඔන්න ඔය විදිහට md කියලා ගහලා space එකක් තියලා උඩ තියෙන අර නමක් දෙන්න ඊට පස්සේ \ ඔන්න ඕක ගහන්න enter කරන්න
දැන් ගින්දර වගේ ෆෝල්ඩර් එකක් හැදිලා ඇති..බලන්නකෝ..
තියෙනවා නේද?

කැමති අය පුලුවන්නම් ඕක ඩිලීට් කරන්නකෝ බලන්න.
බැරිනම් කරන හැටි අනිත් පොස්ට් එකෙන් කියලා දෙන්නම්කො..

තරහා වෙන්න එපා..ගොඩාක් ටයිප් කරද්දී අමාරුයි..
අනික කියවන අයටත් කම්මැලියිනේ...


එහෙනම් මම ගියා ඔන්න..

දිගටම ඉන්න තව තව දේවල් කියලා දෙන්නම් පුළුවන් හැම වෙලාවකම.
කමෙන්ට් වලින් ඕන කරන දෙයක් තියෙනවානම් ඉල්ලන්න පුළුවන් තරම් ඉක්මනට දෙන්නම්..
මේ බ්ලොගේ පොස්ට් දාන්න කැමති අය ඉන්නවනම් කියන්න..



2 comments:

  1. හත්තිලවුවේ ඩිලීට් කරන්න කියලා දීපන් මචං....
    නියම ලයින් එක එකනම් බං...
    ඕනම් විදිහට ෆෝල්ඩර් හදන්න පුළුවන් නේ....?

    ReplyDelete
  2. කියලා දෙන්නම් කියලා දෙන්නම්...ඉවසන්නෝ..

    ReplyDelete

ඔබගේ අදහස් වටී අපිට රටක්

Copyright © 2013 Hacking Zone