F.B Photos පේන්නේ නැද්ද?


හර්ෂණ ඔයා ඉල්ලපු දේ ඉක්මනටම දාන්නම්..
ඔයාට කලින් අශාන් අයියා ඉල්ලපු නිසයි මේක අද දැම්මේ..
ඔයාගේ ඒක හෙට දාන්නම්..


මේක කියන්න යන්නේ අශාන් දුලංජන කියන අයියා අහපු නිසා..මටත් උනා..ඒත් මමනම් හදා ගත්තා..

එහෙනම් කතාවට බහිමු..
සමහර අයගේ ෆේස් බුක් ගියාම ෆොටෝස් පෙන්නන්නේ නෑ.එහෙම උනාම එපා වෙනවානේ නේද?චැට් කරත් සමහරු දන්නේ නෑ කවුද චැට් කරන්නේ කියලා.අන්න එහෙම උනාම තමයි ඉතිං සකා ගේ අම්මා එහෙම මතක් වෙන්නේ...
ඒ උනාට මේක සකාගේ වැරද්දක් නෙවෙයි..
මේක අපි භාවිතා කරන අන්තර්ජාල සේවා සපයන උන්ගේ දුර්වල කමකට වෙන දෙයක්..
Hutch Airtel වලනම් ගොඩාක් වෙලාවට වෙනවා.මොකද මම ඕක ටිකක් රස විඳපු නිසා..
හරි හරි ඔන්න ඕකට හේතුව කිවුවා.දැන් කියන්නම් ඒක හදා ගන්න හැටි..මෙන්න මෙහෙමයි..

මුලින්ම යන්න Control Panel 

ඊලඟට යන්න Network And Sharing Center
(රූප සටහන් පැහැදිලි මදිනම් ඒක උඩ ක්ලික් කරන්න.රතු පාටින් රවුම් කරලා තියෙන්නේ ඒක තමයි.) 

දැන් යන්න Change Adapter Settings කියන එකට.

දැන් එන බොක්ස් එකෙන් ඔයාලා දැන් කනෙක්ට් වෙලා ඉන්න කනෙක්ෂන් ඒක තෝරලා එකේ Right Mouse ක්ලික් කරලා properties යන්න. 


දැන් එන බොක්ස් එකේ Networking කියන ටැබ් එකට ගිහින් Internet Protocol Version කියන එකේ ටික් ඒක දාන්න.




දැන් Properties ගිහින් Use The Fallowing DNS Server Address කියන තැනට ටික් ඒක දාලා. Prefferd DNS Server කියන තැනට 8.8.8.8 කියලා දෙන්න.
ඊට පස්සේ Alternet DNS Server කියන තැනට 8.8.4.4 කියලා දෙන්න.

දැන් ඔක්කොම හරි...දැන් ඉතිං කොම්පීතරේ රී ස්ටාර්ට් පාරක් එහෙම දාලා ගන්න..බලලා එහෙම හරි ගියේ නැත්නම් එහෙම කියන්නකෝ.(එහෙම හරි ගියේ නැත්නම් ඔයාට හරියට සිග්නල් නැතුව ඇති.)


යන්න කලින් පුලුවන්නම් කමෙන්ට් එකක්වත් දාගෙනම යන්නකෝ.. පහලින්


0 අදහස්:

ඔබගේ අදහස් වටී අපිට රටක්

Copyright © 2013 Hacking Zone